මංගලට මරණ තර්ජන


පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුනට අද(24) සිට සමානව ආරක්ෂාව සලසන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා පොලිස්පතිට නියෝග කළේය.

කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ තමාට මරණ තර්ජන ඇතැයි මාතර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුව සමයේදී තමා ඝාතනයට ලක් කිරීමට සිටින බව කියන කිහිප දෙනකුගේ නම්ද සමරවීර මහතා ඉදිරිපත් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සියළුම දෙනා කැදවා පෞද්ගලිකවම සාකච්ඡාවක් පවත්වන බව කතානායකවරයා ප්‍රකාශ කළේය.