මංගලගෙන් ගෝඨාට චෝදනාවක්


ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයාගේ නිල නිවස ලෙස භාවිත කිරීමට කුලියට ගත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නිවසක් 2013දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා පරිහරණය කර ඇතැයි මංගල සමරවීර විදේශ ඇමැතිවරයා  පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ඊට පිළිතුරු දෙමින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එය තමාගේ කීර්ති නාමය පළුදු කිරීමට ගන්නා පහත් උත්සාහයක් බවත්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කර ඇත.

අයවැය විවාදයට එක්වෙමින් මංගල සමරවීර ඇමැතිවරයා කියා සිටියේ රාජපක්ෂ රෙජීමය සමයේ 2012 සහ 2014 වසර අතර කාලයේ විදෙස් ගමන් සඳහා රුපියල් බිලියන 2.3ක් වැය කර ඇති බවයි.