ගෞරවනීය දේශපාලනඥයකු, තානාපතිවරයකු හා නීතිඥයකු වූ මංගල මුණසිංහ මහතා (84) අභාවප්‍රාප්ත විය.
ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
එංගලන්තයේදී බැරිස්ටර්වරයකුවූ මුණසිංහ මහතා අයිසන් හවර් ශිෂ්‍යත්වය ලබා කැලිෆෝනියාවේ වෙස්ටන් ස්ටේට් සරසවියේදී අජටාකාශ නීතිය හැදෑරීය.
ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු 1965 – 77 කාල සීමාවේදී බුලත්සිංහල මන්ත්‍රීවරයා විය. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වන කමිටුවේ සභාපති ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා විසින් පත්කැරුණු මුණසිංහ මහතා සාමය හා දේශපාලන ස්ථාවරත්වය උදාකරගැනීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය.
ඔහු නවදිල්ලිය හා ලන්ඩනයේ මහ කොමසාරිස් වශයෙන් ක්‍රියා කළේය. මාර්ග ආයතනයේ ද සංවර්ධන අධ්‍යයනය සඳහා වන ශ්‍රී ලංකා කේන්ද්‍රයේද අධ්‍යක්ෂවරයකු වූ මුණසිංහ මහතාගේ අවසන් කටයුතු බොරැල්ලේ දී අද (24) පස්වරු 3ට සිදු කිරීමට නියමිතය.