විදේශ ඇමැති මංගල සමරවීර යුරෝපා කොමිසම හමුවීම සඳහා සඳුදා (26) බෙල්ජියමේ රසල්ස් නුවර බලා යයි.
ශ්‍රී ලංකාවෙන් මාළු මිලට ගැනීම තහනම් කරමින් යුරෝපා පසුගිය රජය සමයේ කොමිසමෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගත්තේය.
ශ්‍රී ලංකාව නීති විරෝධී ධීවර කර්මාන්තය වැලැක්වීමට පියවර නොගැනීමත්, බෙලීස් රාජ්‍යය මාළු මිලට ගැනීමේ තහනම ඉවත් කිරීමත් නිසා කොමිසම එම තහනම පැනවීය.
විදේශ ඇමැතිගේ උත්සාහය වනුයේ කොමිසමෙන් පෙන්වා ඇති අඩුපාඩු හදා ගන්නා තුරු අඩු ගණනේ හය මාසයකටවත් එම තහනම අත්හිටුවා ගැනීමයි.
ධීවර කර්මාන්තයේ දී මුහුද සූරාගෙන කෑම, තම මුහුදු ප්‍රදේශයේ අනවසර යාත්‍රාවලට ඉඩදීම ආදී නීති විරෝධී කටයුතු වලට 2010 සිට යුරෝපා කොමිසම දැඩි ක්‍රියාමාර්ගයක් ගනී.
අනවර ධීවර කර්මාන්තයේ යෙදෙන්නවුන් නීතිය හමුවට පැමිණවීමට ශ්‍රී ලංකාව අඩු ගණනේ නීති රීති පවා පනවා නැතැයි කොමිසම කියයි.

