මංගල ගමනට සූදානම් වු මනාලියට ඇසිඩ් ප්‍රහාරයක්


(තරංග ගුණරත්න)

විවාහ උත්සවයට සුදානම් වෙමින් සිටි මනමාලියට ඇසීටි ප්‍රහාරයක් එල්ලවීමෙන් එම තරුණියක බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .

වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ නිවෙසකදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත. 

ආගමික චාරිත්‍රානුකූලව අති උත්කර්ෂවත් ලෙස ගාල්ල ප්‍රදේශයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඇයගේ නිවසේ කටයුතු සංවිධානය කරද්දී අද අළුයම 3:00 පමණ තරුණියගේ නිවසට පැමිණි පුද්ගලයකු  මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි .

ප්‍රහාරයට ලක් වූ මනමාලිය කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

ප්‍රහාරයට ලක් වූ තරුණිය වසර කිහිපයකට ඉහතදී වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමග පැවැති ප්‍රේම සබඳතාවයක් මව්පියන්ගේ උපදෙස් මත එය නවතා දැමීමට තරුණිය කටයුතු කර තිබේ.

එයට පලිගැනීමක් වශයෙන් විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටී මනාලියට පැරණි පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මෙම ඇසීටි ප්‍රහාරය එල්ල කොට ඇති බව අනාවරණය වි ඇති බව මූලික පරීක්ෂණවලින් අණාවරය වී ඇතැයි පොලිසිය කියයි. 

ඔහු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව පොලිසිය කියයි.