නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතය.
විදේශ අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු මංගල සමරවීර මහතාගේ පළමු නිල විදෙස් සංචාරය මෙය වන අතර අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී දෙරටේ වත්මන් තත්ත්වය පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
සමරවීර මහතා ඉන්දීය විපක්ෂ නායිකා සෝනියා ගාන්ධි, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල්ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ඔහු ඉන්දීය විදේශ ඇමැතිනිය සුග්මා ස්වරාජ්ද හමුවිය.

