රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රය තුළ නියැළී සිටින ඇය තවමත් යොවුන් වියේ පසුවන රුවැත්තියකි. මුහුණු පොත තුළ විශාල ප්‍රසාදයක් ලක්ව සිටින්නේ ඇය විසින් ගායනා කරන ලද ගීත හේතුවෙනි. කෞෂි ගිම්හානි වන ඇය ඇගේ තොරතුරු ‘සාරවිට’ අපට මෙලෙසින් පැවසුවාය.
මුලින්ම ඔයාව හඳුන්වා දුන්නොත්?
මගේ නම කෞෂි ගිම්හානි. වයස අවුරුදු 23 ලංකාවේ නාරහේන්පිට. බහරේන්වල බියුටි සැලොන් එකක වැඩ කරනවා. විනෝදාංශයක් වශයෙන් සිංදු කියනවා.
පසුගිය කාලයේ ඔයා ගැන සමාජ වෙබ් අඩවිවලට කතා බහට ලක්වුණා නේද? ඒකට හේතුව කිව්වොත්?
මන් හින්දි සින්දු කියන්න හුඟක් දක්ෂයි කියල මට හැමෝම කියනවා. ඉතින් ඒක නිසා වෙබ් අඩවිවල මං ගැන සඳහන් වුණා.
ඉන්දියාවෙන් ආරාධනාවක් ලැබුණා කිව්වා, ඒ දේ ඇත්තද?
ඔව් මං සින්දු කියනව දැකල මං වැඩ කරන සෙලොන් එකට කෙනෙක් කතා කළා. එයා ඉන්දියාවෙ Tele-drama කරන කෙනෙක්...ඉතින් එහෙකට පසුබිම් ගීතයක් කියන්න මට ආරාධනාවක් ලැබුණා.
ඒ සඳහා දායක වෙන්න තීරණය කරාද?
තාම තීරණය කරල නෑ
වැඩිපුරම කියන්න කැමති හින්දි ගීතද නැත්නම් සිංහල ගීතද?
හින්දි ගීත, මට සිංහල ගීතත් කියන්න පුළුවන්. ඒත් හරියටම බෑ
හැමදාම වෙනත් අයගේ සිංදු කියන්නද හිතන් ඉන්නේ?
නෑ මං මගේම ගීතයක් කරන්නත් හිතන් හිතන් ඉන්නවා. ඒත් smule සින්දු කියන එක නතර කරන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. ඒකෙන් මං ලොකු සතුටක් ලබනවා.
මෙහිදී අන් අයගේ සහයෝගය කොහොමද?
ඇත්තෙන්ම මගෙ මුහුණු පොතේ ඉන්න හුඟක් අය මාව දිරිමත් කරනවා. මං වැටෙන්න ගිය හැම මොහොතකම වචනෙකින් හරි මාව දිරිගැන්නුවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේම කියල ගීතයක් කරන්න. ඒ වගේම මේ ගමනෙ ඉදිරියටම යන්නත් media ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නත් බලාපොරොත්තු වෙනවා.



