මං රන්ජන් එක්ක ගහගත්තා - මම හිස බූ ගෑවේ හතරවැනි වතාවටයි



 

 මුලින්ම අපට කියන්න, රන්ජන් එක්ක ගහගත්තා කියන කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද?

සුදේෂ් වසන්ත පීරිස් සහ සුනිල් ටී. ප‍්‍රනාන්දු නිෂ්පාදනයක් වන රන්ජා චිත‍්‍රපටයෙ රූගත කිරීම්වලට ගියාමයි මේ සිදුවීමට මුහුණ දුන්නෙ.
 

 

 ගහගත්තාය කියන කතාවේ ඇත්ත මොකක්ද?
මෙහෙමයි, එහි මම රඟපාන චරිතය සටන් ජවනිකා සහිත එකක්. වසන්ත කුමාරවිල අයියා අපට සටන් පුරුදු කළා. මගේ චරිතය හැටියට රන්ජන් අයියා එක්ක ගහගන්න සිද්ධවුණා. අපි හරි හරියට ගහගත්තා.  ඕක තමයි ඇත්ත කතාව.
 


 හරි, මොකක්ද මේ බල්ලන්ට කැමතියි අලියෙක් හදන්න ආසයි කියන කතාව?
මම ගෙදර සුරතලයට බල්ලන් ඇති කරනවා. බල්ලන්ට හරිම කරුණාවයි. හැබැයි ඉතින් මගේ ජීවිතේ ප‍්‍රියතම සතා අලියා. අලියෙක් ඇති කරන්න මට වත්කමක් නැහැ. වත්කමක් තිබුණා නම් අලියෙක් ඇති කරනවා. අලියෙක් ඇති කරන්න බැරි නිසයි බල්ලො ඇති කරන්නෙ. සමහර මිනිසුන් ළඟ නැති හොඳ ගුණ බල්ලන් ළඟ තියෙනවා.
 

 

 ඇයි ඔබ එහෙම කියන්නෙ.
මිනිස්සුන්ට සැලකුවාම සමහර වෙලාවට කිසිම ගුණයක් නැහැ. ඒත් බල්ලො එහෙම නැහැ. මම ගොඩක් අයට උදව් කරලා තියෙනවා. අනුකම්පා කරලා තියෙනවා. ඒත් එයාලා උදව් අරගෙන මුල අමතක කළාම, දෙයියනේ මම මෙයාලට රැවටුණා නේද කියලා හිතෙනවා.

 කොහොම වුණත් බල්ලන් වෙනුවෙන් සෑහෙන වියදමකුත් දරනවාලූ නේද?
ඔබ්, එයාලට කතා කරන්න බැහැ, බඩගින්න, වේදනාව ගැන ප‍්‍රකාශ කරන්න බැහැ. අසරණ සත්තු. අනෙක සතෙකු හදන්නන් වාලේ හදලා ඇති වැඩක් නැහැ. හරියට ඒ දේ කරන්න  ඕනෑ. මම ඒ සත්තු හදන්නෙ විලාසිතාවට නොවෙයි.


 ඒ බල්ලන් ගොඩක් සැරයි ද?
මම සිටින වෙලාවට නැහැ. හැබැයි ඉතිං මම නැති වෙලාවට වග කියන්න බැහැ.
 


 අලියෙක් හදන්න මෙච්චර ආස ඇයි?
ඒකට හේතුව මම දන්නෙ නැහැ. මගේ ජීවිතයේ මුල්තැන හිමිවන්නෙ සත්ව කරුණාවටයි. අලින්ට පුදුම විදියට ආදරෙයි. උඩවලව, පින්නවල, කිරිවෙහෙර පවා යනවා. එහෙම ගිහින් අලින්ට කොමඩු එහෙම අරන් දීලා එන එක මගේ පුරුද්දක්. ගංගාරාමයේ හිටපු ඇතා එක්ක මම ගොඩක් මිත‍්‍ර වුණා. එයාගෙ වියෝව දරාගන්න බැරි දුකක් වුණා. ගංගාරාමයේ දැන් සිටින අලි පැටවා බලන්නත් නිතර නිතර යනවා.


 

 අලි ගැන ගොඩක් විස්තරත් ඔබ දන්නවලූ නේද?
අලින්ට තියෙන ආසාව නිසාම අලි ගැන විස්තර දැන ගන්න ආසයි. අලි ගැන වැඩසටහන් පවා නරඹනවා. අලින්ට උඩ පනින්න බැහැ කිව්වට, උන්ට උඩ පනින්න පුළුවනි. එය මම උඩවලවේ දී දැකලා තියෙනවා. අලියෙකුට දවසකට ටොන් හත්සියයක විතර කෑම දෙන්න  ඕනෑ ලූ. ලොකු පරිසරයක් ජීවත් වීමට තියෙන්නත්  ඕනෑලූ. ඒ නිසා අලියකු ඇති කිරීම ලෙහෙසි දෙයක් නෙවෙයි. කොහොම වුණත් මට සැබෑ කරගන්න බැරි වුණු එකම සිහිනය එයයි.

 

 සැබෑ කර ගත්ත අනෙක් සිහින මොනවද?
ලස්සන ගෙයක්, ලස්සන වාහනයක් වගේම ඉතා ගුණවත් දෙමාපිය යුවළක් සහ මහා බල සම්පන්න කුළුණු වගේ සහෝදරයින් තුන්දෙනෙක් මාව ආරක්‍ෂා කරනවා. මේ සියල්ල නිසා ජීවිතය සුන්දරයි. ඒවා සැබෑ වූ සිහින ලෙසයි මා දකින්නෙ. මම ප‍්‍රාර්ථනා කළ බොහෝ දේවල් අඩු වයසින්ම මට ලැබුණා. ඒ නිසා අද ජීවිතේ ගෙවන්නෙ හරිම සතුටින්. 
 


 අද පියුමිට-පියුමි ගැන හිතෙන්නෙ කොහොමද?
අද ගොඩක් සතුටින් ජීවිතය ගෙවන කෙනෙක්. ඉතා හොඳ හිතක් තියෙන කෙනෙක්. නරකකට තියෙන්නෙ ඉක්මනට ටිකක් කේන්ති යන එකයි.
 


 අලින් ගැන අහන්න  ඕනෙ නම් පියුමිගෙන් අහන්න කිව්වොත් හරිද?
හරි ෂෝක්. විශ්වාස කරන්න මගේ ගෙදර තියෙන රූප සහ විසිතුරු භාණ්ඩ බොහොමයක් අලින්ගෙ රූපයි. අලියා හොඳ සත්වයෙක්.
 


 

(හැඩගැන්වීම්:- ගයනි බැට්ස්)

 

 


 මේ දිනවල ඔබ කාර්යබහුලද?
පසුගිය දිනවල රන්ජා චිත‍්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණ නිසා කාර්ය බහුල වෙලා හිටියේ.
 


 මේ චිත‍්‍රපටයෙ රඟපාන චරිතය නිසා කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපාදාන්න සිද්ධවුණා නේද?
ඒ අවස්ථාවට මම මුහුණ දුන්නෙ පළවැනි වතාවට නෙවෙයි. උදයකාන්තගෙ සාගරය පරදා ටෙලි නාට්‍යයේ සහ එයාගෙම යකඩ පිහාටු චිත‍්‍රපටයෙත් හිස බූ ගාන්න සිද්ධ වුණා. ඊට පස්සෙ මගේ වන්ෂොට් වන් වෙනුවෙන් හිස බූ ගෑවා. දැන් මේ හතරවැනි වතාවට තමයි මෙහෙම කළේ.
 


 මේ පෙනුම සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලට ප‍්‍රශ්නයක් නෙවෙයිද? ඔබ නළුවකු වගේම මන්ත‍්‍රීවරයෙක්?
ඒක ඇත්ත. ඒත් තමුන්ගෙ නමින්ම චිත‍්‍රපටයක් නිර්මාණය වෙනවා නම්, එය ලොකු වාසනාවක්. ඊටත් වඩා ඉතා විශාල පිරිවැයක් දරලා කරන චිත‍්‍රපටයක් මෙය. සුදේශ් වසන්ත සහ සුනිල් ටී එකතුව කරන ඒ දැවැන්ත නිර්මාණයට මාව තෝරාගැනීම භාග්‍යයක්. ඔවුන්ගේ ඉල්ලීම අනුව මට මේ චරිතය වෙනුවෙන් හිසබූ ගාන එක කරන්නම වුණා.
 


 ඔබ ලස්සන ගැන, සුන්දරත්වය ගැන සුබවාදීව හිතන කෙනෙක්. ඉතින් හිතට දුකක් දැනුණෙ නැද්ද?
මම රඟපාන චරිතය වෙනුවෙන් උපරිම දායකත්වය දෙන්න උත්සාහ ගන්න කෙනෙක්. එතැනදී මාව අමතක කරලා චරිතයට උපරිමය ලබාදීමට උත්සාහ ගන්නවා. ඇඟෙන් කෑල්ලක් ගියත් ඒ නිසා දුක්වන්නෙ නැහැ.
 


 අද කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මුහුණ බලන කොට, මේ පෙනුම ලස්සනයි, කඩවසම් කියලා හිතෙනවද?
ම්ම්....ම්...හ්... දැන් ඉතින් කොණ්ඩය වැවෙනකල් විග් එකක්වත් දාන්න  ඕනෑ කියලා හිතෙනවා.


 මේ චිත‍්‍රපටයේ රඟපෑමට විශාල මුදලකුත් අයකරන්න ඇති නේද?
ඇත්තම කිව්වොත් ”මැදපෙරදිග අරමුදල” වෙනුවෙන් මුදලූත්  ඕනෑ තමයි. ඒ වෙනුවෙන් මෙවැනි නිෂ්පාදකවරු මට උදව් කරනවා. කොහොම වුනත් මේ චිත‍්‍රපටයෙ චරිතය තමයි මෑතකදී මම වඩාත් මහන්සිවෙච්ච චරිතය.
 


 අද කොහොමද ඉතින් ජීවිතේ?
ඉතාම සතුටින් ගෙවනවා. මොකද මගේ ජීවිතයට බැඳීම් නැහැනෙ. තනිකඩ තමයි. වෙලාවකට ඒ නිසා පාළුවකුත් දැනිලා තියෙනවා. හැබැයි මැදපෙරදිග ප‍්‍රශ්නය නිසා ලක්ෂ සංඛ්‍යාත දුක් විඳින මිනිසුන් වෙනුවෙන් සමාජ මෙහෙවරක නියැලෙන්න ලැබීම නිසා ඒ පාළුව මට දැනෙන්නෙ නැහැ.
 


 රන්ජා චිත‍්‍රපටයෙ රඟපෑමට පෙර ඔබ චිත‍්‍රපට කීපයක් ප‍්‍රතික්ෂේප කළා කියලත් ආරංචියි?
චිත‍්‍රපට පහකින් විතර ඒ විදියට අයින් වෙන්න සිද්ධවුණා. එක්කෝ ඒ කතාව අල්ලලා ගියෙ නැහැ. මේ චිත‍්‍රපටය දුවන්නෙ නැහැ කියන ආකල්පය යටි හිතට දැනුනොත් අධ්‍යක්ෂවරයා අමාරුවෙ නොදමා ඉන් ඉවත්වීම මගේ සිරිතක්.
 


 රන්ජා චිත‍්‍රපටයේ කතාව ඔබට හිතට දැනුණද? ඇයි ඒ?
ලොකු දේශපාලන කතාවක්. ගමේ පීඩිත පංතියේ තරුණයකු වටා ගෙතුණු කතාවක්. ඔහු කොළඹ ඇවිත් සිටින විට මුහුණ දෙන ප‍්‍රශ්න අපට සැබෑ ලෙස දැනෙන ප‍්‍රශ්නවලට සමානයි.


මෙහි අසීරුම අවස්ථා වුණේ මොනවද?
එක්තරා අවස්ථාවක පෙර ශිල්පිනියන් ඉවත් කොට පසුව වෙනත් ශිල්පීන් දෙදෙනෙක් ගත්තා. මේ නිසා සියයට පනහක් විතර රූගත කිරීම් කර තිබූ චිත‍්‍රපටයේ නැවත රූගත කිරීම්වලට සහභාගි වෙන්න ටෙනිසන්ට සහ මට සිද්ධ වුණා. එය හරි අසීරු දෙයක් වුණා. ඒ වගේම මෙහි බිහිසුණු සටන් ජවනිකා සහිත අවස්ථා රැසකට මුහුණ දෙන්න සිදුවුණා. සටන් අධ්‍යක්ෂ වසන්ත කුමාරවිල ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදුන්නා. තරමක් දුරට ආත්මාරක්ෂක ක‍්‍රම ප‍්‍රගුණ කර තිබීම නිසාත්, තව දුරටත් පුහුණු වන නිසාත් ඒ අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුණා.
 


 සමහරු කියන්නෙ ඔබ අද තවත් කඩවසම් වෙලා කියලයි. ඒකට විශේෂ හේතුව?
ඉතාම සතුටින් ජීවිතය ගෙවීම. මානසික ආතතිය නැතිව ජීවත්වීම. හැබැයි මේ බාහිර ඔක්කෝටම වඩා පපුව ඒ කියන්නේ අදහස් පිරිසිදු වෙන්න  ඕනෑ. ඒ වගේම ව්‍යායාම් කරන්න  ඕනෑ. හොඳට වතුර බොන්නත්  ඕනෑ. කෘති‍්‍රම ජීවිතයකට වඩා සරලව ජීවත්වෙන්න  ඕනෑ.