මං තීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම ඇරඹූ 26 දා සිට මේ දක්වා පුද්ගලයන් 13095 දෙනකුට එරෙහිව නඩු පවරා ඇතැයි පොලිසිය කියයි.
මං තීරු හරහා අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය, වාහන නැවැත්වීම තහනම් පුවරු සවිකර ඇති ස්ථානවල වාහන නතරකිරීම, වමෙන් වාහන නොපැදවීම යන කරුණු යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත.
අපරික්ෂාකාරී ලෙස මං තූරු හරහා රිය ධාවනය කළ පුද්ලයන් 7874 දෙනකුට, වාහන නැවැත්වීම තහනම් ස්ථානවල නවතා තැබූ පුද්ගලයන් 1936 දෙනකුට, වමෙන් ධාවනය නොකළ පුද්ගලයන් 3285 දෙනකුට මෙලෙස නඩු පවරනු ලැබ සිටියි.

