අද උදේ 6.00 සිට සවස 4.00 දක්වා කොළඹ නගරයේ මාර්ග කිහිපයක හා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 725කට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
අද සිට ධාවන තීරුව අනුගමනය නොකරන රියදුරන්ට නඩු පවරන බව පොලිසිය කියයි. පොලිසිය පවසන්නේ මාර්ග තදබදය අඩු කිරිමට මේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.






