භූමිතෙල් ජල බෝතලයට දඩය 10,000යි


භූමිතෙල් ගඳ වහනය වන පානීය ජල බෝතල නිෂ්පාදනය කර බෙදාහැරීම සම්බන්ධයෙන් වරද පිළි ගත් මණ්ඩාවල නැචුරා වෝර්ටර්ස් ප්‍රයිවෙට් සමාගමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්දු කුමාර මුණසිංහ මහතා රුපියල් දස දහසක දඩ නියම කළේය.

ගාල්ල මහ දිසාපති නලින් ද හේවා විතරණ මහතාට ගාලු දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ලැබුණු වතුර බෝතලයෙන් ගඳ වහනය වන්නේ යැයි ඔහු පාරිබෝගික සේවා අධිකරියට පමැණිලි කළේය.