භූමි පාළුවක් ඉවත් කිරීම සදහා යැයි කියමින් පිළීයන්දල ඇරැව්වල වෙරළුගස් හන්දියේ නිවසක වළක් කපා වලට බැස පස්වලින් වසා ශාන්ති කර්මයක් කරමින් සිටි මනෝ විද්‍යා උපදේශකයෙකු හා පෞද්ගලික පන්ති ගුරුවරයෙකු අද අළුයම වළ ඇතුලේම මියගොස් සිටි බවට පොලීසියට පැමිණිලි කර ඇත.
තවත් ගුරුවරයෙකුගේ ගෙදර පැවත්වීමට තිබූ මෙම ශාන්ති කර්මය පෙර දින නොපැවත් වූයේ එය එතන කළේ නම් ගෙදර අයෙකුට හෝ ශාන්ති කර්මය කළ තැනැත්තා හෝ මරණයට පත්වීමට ඉඩ ඇතැයි පවසමිනි.
වළ වසාගෙන පැය දෙක හමාරකට පසු වළ ඇතුලෙන් කඩුවක තුඩක් උඩට ආ විට පස් ඉවත් කරන ලෙස උපදෙස් දී ඔවුන් වළේ වැතිරී ඇත.
කඩුව පැය තුනකට පසුවත් උඩට නොපැමිනි නිසා ගෙහිමියන් වළ හාරා ඇත.
සිහි නැතිව සිටි මැක්ෂීම් කස්ත්‍රෝ(32) රෝහලට ගෙන ගිය බවත් ඔහු මියගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවසූ බව පොලීසිය කියයි.මෙම භූමි පාළුව කැපීම සඳහා ඉදිරිපත් වු ගුරුවරයා මෙවැනි ගුරුකම් රැසක් කැර ඇතැයි කියති.එම නවසේ පදිංචිකරුද ගුරුවරයෙකි .ඔහුගේ මිතුරෙකි. මිතුරාගේ වැඩක් නිසා ගුරුකමට ගන්නා කළමනා වෙනුවෙන් ගෙහිමියා රුපියල් දහඅටදාහක් පමණ වැය කැර ඇත.ඔහු වළට බැස දිගා වී සිටියදී උඩින් ලෑලි තබා ඒ මත පස් දමා පස් ගොඩට ගිනි තබන ලෙස කියා ඇත.
පරීක්ෂණ සඳහා ගිය පොලිස් නිලධරයකු පැවසුයේ වළේ ලෑලි හා පස් ඉවත් කැර පැය කිහිපයක් ගත වීමෙන් පසුවද එම වළෙන් සැර වායුවක් දැනෙන බවයි.
ශාන්ති කර්මයට ගත් දෙබිඩි පූසෙකු සහ කපුරු ඇතුළු පූජා භාණ්ඩද වළේ තිබූ බව පොලීසිය කියයි.