සීනිමෝදර මුහුදු මාවතේ පදිංචිව සිටි එල් එම් අන්ද්‍රියන්හාමි (62) 1989 භීෂණ සමයේ මරා දැමීයැයි වැරදිකරුවන් වූ හත් දෙනකුට තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අද මරණ දඩුවම නියම කළාය.
1989 මාර්තු 19 වැනි දා 11 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඔහු පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමූ බව නඩුවේදී කියැවිණි. ඉන් නව දෙනකු අතඅඩංගුවට ගෙන තිබුණු අතර දෙදෙනකු මිය ගොස් සිටි නිසා ඉතිරි පිරිසට එරෙහිව නඩුව විභාග විය.
රතුබදුගේ විල්සන්, ආර් එන් ප්‍රියන්ත, ඩබ්ලිව් එච් විමලසේන, ඩබ්ලිව් එච් ප්‍රදීප් ප්‍රියන්ත, ජී එච් ප්‍රදීප් ප්‍රියන්ත, ඒ ජී රාහුල සහ එල් එම් සරත් ඔවුහුය.
අධිරණය මග හැර සිටින රාහුල සහ සරත් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කැරිණි.

