භික්‍ෂූන් වහන්සේලා දේශපාලනයෙන් ඉවත් විය යුතුයි


උත්තරීතර සංඝයා වහන්සේලා පාර්ලිමේන්තුවට නොපැමිණීම ඉතා වැදගත් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ඉදිරියෙන් සිටිය යුතු ගෞරවනීය මහ සගරුවන දේශපාලනයට පැමිණීමෙන් මන්ත්‍රීවරයෙකු බවට පමණක් පත්වන බැවින් එවන් භික්‍ෂුවක් දේශපාලඥයින්ට ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි  ඇමැතිවරයා ප්‍රශ්න කරයි.  එමෙන්ම එය සමාජයේ ප‍්‍රගමනයට හානියක් බවද අමාත්‍යවරයා පවසයි.

 මෙම අයහපත් තත්ත්වයට ඉඩ නොතැබීමට සංඝයා වහන්සේලා අතර කථිකාවක් ඇති විය යුතු බවත් එය කාලීන අවශ්‍යතාවත් බවට පත්ව තිබෙන බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

රතන හිමියන් ස්වාධීන වීමට ගත් තීරණයට වඩා පාර්ලිමේන්තුවෙන්ම ඉවත්වීමට කටයුතු කළේ නම් සුව්ශේෂී සමාජ මෙහෙවරකට මග පෑදෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. 

‘භික්‍ෂූන්ගේ පැමිණීමෙන් පාර්ලිමේන්තුවට ඇති වූ සුගතියකුත් නෑ, රටේ ඇති වූ වෙනසකුත් නෑ, උන්වහන්සේලාට අත් වූ සෙතකුත් නෑ. එබැවින් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී ශාසනික හා සමාජ මෙහෙවරකට භික්‍ෂූන්වහන්සේ යෝමු කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි   අතුරලියේ රතන හිමියන් වෙන යෝජනා කර සිටිනවා.‘