භික්ෂූන්ට මහේස්ත්‍රාත් බුදු මග පෙන්නයි


බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ  ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා පැෂන් බග් නඩුවේ සැකකරුවන් නිදහස් කරමින් කියා සිටියේය.

බුද්ධ පුත්‍රයන් හැමවිටම බුදුන් අනුදැන වදාළ මග යායුතු බව ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

කොරළවැල්ල පුරාණ රජමහා විහාරයේ දම් පහළ රාහුල, ගල්කිස්ස තෙලවල සිරි විජය ධර්මායතනයේ දම්පහල ඥානරතන, කොරලවැල්ල පුරාණ රජ මහා විහාරයේ අනුරාධපුර පාලිත, පැපිලියානේ ටී එච් එම් ප්‍රේමකුමාර, පැපිලියානේ සජිත් ලක්මාල් (සන්නිවේදන ආයතන හිමිකරු) දිවුලපිටියේ පී කේ චන්ද්‍රසිරි (ව්‍යාපාරික), ප්‍රභාත් ජයෂාන්ත, දිවුලපිටියේ ඊ ටී චම්පික, කොහුවල ලලිත් ධර්මප්‍රිය, බොරලැස්ගමුවේ රනිල් ප්‍රනාන්දු (ත්‍රීරෝද රියදුරු), ප්‍රසන්න විමල් ද සිල්වා (පංසලක සේවක), මේනක ප්‍රියදර්ශන, ප්‍රදීප් සුරංග, ඉන්දික ධර්මප්‍රිය, චමිල හර්ෂන, ඒ එම් ගයාන් හා 16 හැවිරිදි පාසල් සිසුවෙක් උසාවියට ඉදිරිපත් කළ සැකකරුවෝය.