අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකායේ කිසිදු භික්ෂුවක් නිකායේ අවසරයකින් තොරව සක්‍රීය මැතිවරණ කටයුතුවල යෙදීම හා ශ්‍රමණ විරෝධී ක්‍රියාවක යෙදීම තහනම් කිරීමට අද (24) සවස පැවැත් වූ එම නිකායේ සුධර්මාකාරක සංඝ සභාව තීරණය කළේය.
අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී අමරපුර සිරි සද්ධර්මවංශික නිකායේ මහා නා හිමියන්ගේ මූලිකත්වයෙන් බළපිටිය වැලිතර මහා කප්පින සීමාමාලකයට රැස් වූ සංඝ සභාව එම තීරණය ගත් බව එහි ප්‍රධාන ලේකම් කථිකාචාර්ය බළපිටියේ සිරි සීවලි නාහිමියෝ ප්‍රකාශ කළහ.
මේ අනුව එම නිකායේ භික්ෂුවක් ශ්‍රමණ සාරුප්ප්‍යයට නොගැලපෙන උද්ඝෝෂණ, රැස්වීම්, පොලිසිය සමග ගැටීම් සහ සක්‍රීය මැතිවරණ කටයුතු වලට නිකායේ අවසරයකින් තොරව සහාභාගී වීම තහනම් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

