කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරයේ දී අද (27) භික්ෂුණීන් 3000ක් ඇතුළුව මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය පිංකමක් පැවැත්විණි.
තායිවානයේ ප්‍රධාන සංඝනායක මානෙල්වත්ත විහාරාධිපති බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් තායිවානයේ ෆූ හුවෙයි මෙහෙණින් වහන්සේ ගේ දායකත්වයෙන් පිංකම සිදුකැරිණි.




