ථේරවාදී බෞද්ධ දර්ශනය ලොව පුරා ප්‍රචලිත කළ හැකි පරිදි මෙරට මහා සඝරුවනට සහ සිල් මාතාවනට ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිලේ ලබාදීම වෙනුවෙන් සය මාසික ඉංග්‍රීසි පාඨමාලාවක් ඇරැඹු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කියයි.
2014 වසර සදහා භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් බදවා ගැනීම සදහා අයදුම් පත් කැදවීම ආරම්භ කොට තිබේ.
ඉංග්‍රීසි භාෂාවේ මූලික කරුණු , ව්‍යාකරණ, කථනය, නිවැරදි භාෂා භාවිතය පමණක් නොව ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වීම පිළිබදව ද විධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම මීට අයත් වෙයි
දේශන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හි පස්වරුවේ නුගේගොඩ දී පැවැත්වේ.
මෙම වැඩසටහන සදහා සම්බන්ද වීමට අපේක්ෂා කරන භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතවන් තම අයදුම් පතක් ‘මොහාන් ලාල් ග්‍රේරු පදනම, 18, පීටර්ස් පෙදෙස,නුගේගොඩ යන ලිපිනයට නොවැම්බර් 30 වන දිනට ප්‍රථම යොමු කළ යුතු බවත්
වැඩි විස්තර 0716 183 760 ඇමතීමෙන් ලබා ගත හැකි බවත් ග්‍රේරු මහතා කියයි.

