දෙහිඕවිට විවේක සේනාසනාධිපති කෝංකඩුවේ නන්දසිරි හිමියන් ඝාතනය කළැයි සැකපිට කනංගමුවේ ව්‍යාපාරික ප්‍රියන්ත ගුණරත්න හා ඔහුගේ සගයන් වන අජිත් ප්‍රියශාන්ත, නිශ්ශංඛ කුමාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
නන්දසිරි හිමියන්ගේ ඝාතනයත් සමඟ කනංගමුව කැළඹී ගිය අතර ගැමියෝ පිරිසක් සැකකරුවන්ගේ නිවාස යාන වාහන හා වෙළෙදසල් ගිනි ලෑහ.
රුවන්වැල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා පරීක්ෂණ මෙහෙයවයි.

