උතුරේ රජයේ රෝහල්වල දෙමළ භාෂාව කතාකළ හැකි වෛද්‍යවරුන් නොසිටීම හා පොලිස් ස්ථානවල දෙමළ භාෂාව දත් නිලධාරීන් නොසිටීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වන බව කිලිනොච්චි වැසියෝ කියති.
පැමිණිල්ලක් කිරීමට පොලිසියට යද්දී මුදල් දී භාෂා දෙකම දන්නා පුද්ගලයන් කැඳවාගෙන යා යුතු බවත්, ඔවුන් ද තමන් කියනා දේ හරිආකාරව පොලිසියට කියනවාදැයි නොදන්නා බවත් ඔවුහු පවසති.
ප්‍රදේශයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර ඒකකයට දෙමළ භාෂාව කතා කළ හැකි වෛද්‍යවරු නොමැතිවීමෙන් තමන් මෙන්ම වෛද්‍යවරුන්ද අපහසුතාවට පත්වන බව කිලිනොච්චි වැසියෝ සඳහන් කරයි.
දෙමළ හා සිංහල භාෂාව රාජ්‍ය භාෂා ලෙස නම් කර වසර තිහකටත් වැඩිය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීවේ දෙමළ භාෂා පුහුණුව ලබා දුන් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශවලට යොමු කර ඇති බවයි. තව දුරටත් පොලිස් නිලධාරීන්ට භාෂා පුහුණුව ලබා දෙමින් සිටින බව ද ඔහු කීවේය.

