භාවනා උගන්වන හිමිවරු හිරේ යති


සෑම බන්ධනාගාරයකම  භාවනා  වැඩසටහන්  ඇරඹිමට  පියවර   ගන්නා   බව  අධිකරණය ඇමැති  විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. “සිපිරි ගෙයින්  දහම්  මඟට” ලෙස එම  වැඩසටහන නම්  කර  ඇත.

නිදහස ලැබී සමාජගත වීමට ආසන්නව සිටින රැදවියන් ඉලක්ක කරගනිමින් භාවනා   වැඩසටහන් පැවැත්වෙයි. භාවනා පුරුදු පුහුණු කිරිමේ දැනුමින් හෙබි ස්වාමින් වහන්සේලා  මේ  සඳහා  සහභාගි  කරවා  ගනු  ලැබේ.

“දින  දහයක් පුරා වැඩසටහන පැවැත්වෙයි” මෙහි  සමාරම්භක වැඩසටහන රැදවියන්   හතළිස්  හත්දෙනෙකුගේ  සහභාගිත්වයෙන්   වැලිකඩ   බන්ධනාගාරයේ දී   සිදුවිය.

කොස්ගම ධම්ම සොභා විපස්සනා  භාවනා මධ්‍යස්ථානය බදුල්ලවල සීලරතන , මාකොළ සුමංගල , පොළොන්නරුවේ  මහානාම හිමිවරු   එය  මෙහෙය වුහ.

එම  ස්වාමින් වහන්සේලා බන්ධනාගාරයේ නේවාසිකව වැඩ වසමින් රැදවියන්ගේ ආහාරපාන දානය වළදමින්, බිම සැතපෙමින්, එම  රැදවියන්  සමඟම එක හා  සමානව  වාසය  කරමින්   භාවනා  වැඩසටහන ක්‍රියාත්මක කළේය. මෙමගින්   ඉතා  උසස්   ප්‍රතිළුල  ඇමැති   විජයදාස  රාජපක්ෂ මහතා   සඳහන්  කළේය.