භාරත නායකයා නික්ම යයි


සාර්ථක ශ්‍රී ලංකා සංචාරයක් නිමා කරමින් දිවයිනයට පැමිණි භාරතීය නායක නරේන්ද්‍ර මෝදි මහතා සෙනසුරාදා රාත්‍රියේ 9.40 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියේය.

තිස් අවුරුදු යුද්ධයෙන් පසු පිබිදෙන උතුර‍ට ගිය ඉන්දියා අගමැති මෝදි එහි ජනයා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

මුලින්ම පලෙයි මන්නාරම දුම්රියපළ විවෘත කළ ඉන්දියානු නායකයා අනතුරුව ඉන්දියා  හෙලිකොප්ටරයකින් යාපනයට පැමිණියේය.

මහ ඇමති ටී.වී විග්නේෂ්වරන් හින්දි සිරිතට ඔහු පිළිගත්තේය.

යාපනය පුස්තකාලයට ගිය මෝදි එහි සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කළේය. හින්දි බසින් කතා කළේය.

අනතුරුව ඉන්දීය ආධාර යටතේ ඉදිකෙරණ නිවාස යෝජනා ක්‍රමයට ගිය අගමැතිවරයා සංකේතාත්මක ලෙස  නිවාස කිහිපයක් හිමිකරුවනට බාර දුන්නේය.

එහිදී  හිංදි බසින් කතා කළ ඉන්දීය නායකයා නිවසක කිරි ඉතිරෙව්වේය. ඔහු කිරිමුට්ටියද හැදි ගෑවේය.

යාපනය චාරිකාව අවසානයේ අඳුර වැටුණු පසු භාරත නායකයා ගුවනින් කොළඹට ගියේය.

 RDS_8413 RDS_8483 RDS_8497 RDS_8607 RDS_8612 RDS_8639 RDS_8644 RDS_8736