භාරත නායක පාර්ලිමේන්තුව අමතයි


ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව ඇමතීම සඳහා මින් මද වේලාවකට පෙර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

කතානායක චමල් රාජපක්ෂ මහතා ඔහු පිළිගත්තේය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක ඇතුළු නිලධාරීහු ඔහු පාර්ලිමේන්තු මන්දිරයට  කැඳවාගෙන යනු ලැබූහ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අමතන හතර වැනි ඉන්දියා අගමැති මෝදිය.

 1962 දී ශ්‍රී ජවහල්ලාල් නේරුය ද,  1973 අප්‍රේල් පස් වැනි දා  දී ඉන්දිරා ගාන්ධි  මහත්මිය ද කොටුව පාර්ලිමේන්තු මන්ධිරයේ දී (දැන් ජනාධිපති ලේකම් කාර්යාලයය) , මොරාජ් දේසායි  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්ධිරයේ දී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතූහ.