භාරත ඝාතනයේ තෙවැනි සැකකරුටත් ඇප


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ මෙතෙක් රිමාන්ඩ් භාරයේ සිටි තෙවැනි සැකකරු චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා නියෝග කළේය.

රුපියල් 50,000ක මුදල් ඇප ද, රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස ඔහුට නියම කළ විනිසුරුවරයා ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කළේය.

මේ අනුව මේ නඩුවේ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සියලු දෙනා ඇප මත මුදා හැර සිටිති.