මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වෘත්තිය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කළැයිද තවත් පුද්ගලයකු මැරීමට තැත් කළැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහි නඩුව ලබන අප්‍රේල් පළමුවැනිදාට කැඳවීමට යයි.
එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දුමින්ද සිල්වා ඇතුළු පිරිසට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය නියෝග කළාය.
චෝදනා 17 යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.

