භාරත ඝාතන සැකකරුවන්ට දැඩි ආරක්ෂාව


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙමටගොඩ චමින්ද කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබයි.

පසුගිය නඩු දිනය අවසානයේ ඔහු බන්ධනාගාර රියෙන් ආපසු ගෙනයද්දී වෙඩි තබා මරා දැමීමට උත්සාහ කළ බව කියන පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. නඩුවේ සෙසු සැකකරුවන් වන අමිල හා සම්පත් අද (8) දැඩි රැකවරණ මැද්දේ අලුත්කඩේ විශේෂ අධිකරණයට රැගෙන එනු ලැබූහ.

40b0d59154c7e634a69bd20fb3fa13920f65853fa85fa91931057ca15baf30a9 8094d528900f3aeab882e83d6530e7db7113697d2025a98946c8c2618010d5a5 e9ad30db05c930bde9a2f17f9ec9c25d3526da4d31dfdc6c67816eafa16465fc