(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩු අදහස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට හෙට (11) පස්වරුවේ කැඳවා ඇතැයි ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 5.30 ට කැඳවා ඇති මෙම සාකච්ඡාවට ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායමටද ශ්‍රීලනිපයේ සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්නේද යන්න තීරණය කිරීමේ බලය හිටපු ජනාධිපතිවරයාට පැවැරීම එම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසේදී පෙරේදා පැවැති සාකච්ඡාවේදී කතාබහට ලක්වු කාරණා සහ තීන්දු තීරණ අද පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේ දී දැනුම් දෙනු ඇතැයි වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් මේ මස 16 වැනිදා පස්වරු 7.00 ට ජනාධිපති මෛතීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.
ශ්‍රීලනිපය ඒකාබද්ධ විපක්ෂය එක්ව පිහිටුවීමට යෝජනා වී ඇති භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි දැන ගන්නට තිබේ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවද ජනාධිපතිවරයා විසින් ළඟදීම කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ