ශ්‍රී ලංකාවේ උතුරු මැඳ පළාතේ වකුගඩු රෝගයට ගොදුරුවූ ජනතාවට වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් සැපයීම උදෙසා ආධාර පතා භාතිය සන්තුෂ් ගායක යුවළ සහභාගිවන සංගීත ප්‍රසංගයක් ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.
1996 ආරම්භකර මේ දක්වාම ශ්‍රී ලංකාවේ අගහිගකම් ඇති පවුල් සඳහා උදව් උපකාර කිරීමේ විශාල කාර්යභාරයක් ලන්ඩන් නුවර සිට ඉටුකරමින් ක්‍රියාත්මක හෙළ සරණ සංවිධානයේ තරුණ ශාඛාවේ සහ එමලි ගුණවර්ධන පදනමේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ සියලුම මුදල් එම වැඩපිළිවෙළ සඳහා යොදවා ගැනීමට බලාපොරොත්තු වෙයි.
එමලි ගුණවර්ධන පදනම කලක් තිසසේම ශ්‍රී ලංකාවේ ළමා සුබ සාධනයේ යෙදී සිටියි.
මෙම මස 20 වන සෙනසුරාදා ලන්ඩන් නුවර ට්‍රොක්සි රංගශාලාවේ පැවැත්වෙන මෙම ප්‍රසංගයේ අවසරපත් සඳහා විශාල ඉල්ලුමක් ඇතිබව සංවිධායකයෝ පවසති.

