භාණ්ඩාගාරයේ ෆයිල් 2000ක් අතුරුදන්?


මුදල් අමාත්‍යංශයේ වැදගත් ලිපි ගොනු 2100 ක් පමණ අතුරුදන්වී ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා රහස් පොලිසියට පැමිණිලි කරයි.

සැකකටයුතු ගනුදෙනු සම්බන්ධ ලිපි ගොනුද ඒ අතර වන බවත් ඊට වගකිව යුතු නිලධරයන් කවුදැයි දන්නා හෙයින් ඒවා ඇති තැන් පෙන්වීමට ඔවුනට සිදුවනු ඇතැයිද ඇමැති පවසයි.