(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කළ ප්‍රතිපාදන රඳවා තබා ගැනීමට එරෙහිව අධිකරණයෙන් නිකුත් කළ අතුරු නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් තැබීය.

