භාණ්ඩ පහකට උපරිම සිල්ලර මිලක්


අත්‍යවශ්‍ය භාණ්ඩ පහක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරීය පවසයි.

ඒ අනුව සුදු සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 93 ක්ද, මයිසූර් පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 159 ක් ද, අර්තාපල් (ආනයනික) කිලෝවක් සඳහා රුපියල් 115 ක්ද, මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 205 ක්ද, වියලි හාල් මැස්සන් (තායිලන්ත) කිලෝවක් සඳහා රුපියල් 490 ක්ද , වියළි හාල්මැස්සන් (ඩුබායි) කිලෝවක් සඳහා රුපියල් 405 ක්ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
මෙම උපරිම සිල්ලර මිල පෙරේදා (27) සිට ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසයි.