‘අවසාන මොහොත මාගේ’, ‘ආදරේ’, ‘බඹර නාදේ’, ‘මග බලා හඬන’, ‘සතුට මගේ’ ගීත හරහා රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් භාචි සුසාන් මේ දිනවල ඔබේ ආදරය වඩාත් දිනාගෙන ඇත්තේ හිරු රූපවාහිනි නාලිකාව විසින් පවත්වන ‘හිරු මෙගා ස්ටාර්’ රියැලිටි තරගයෙනි. ඔහු තරග කරන්නේ ‘මායන්ස්’ කණ්ඩායම වෙනුවෙනි.
“හිරු රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන ‘හිරු මෙගා ස්ටාර්’ රියැලිටි වැඩසටහන මගේ පළමු රියැලිටි වැඩසටහන. හිරු කියන්නේ මම ගොඩක් ළඟින් ඇසුරු කරන මාධ්‍යය ජාලයක්. මම තරග කරන්නේ සේමිණි ඉද්දමල්ගොඩගේ ප්‍රමුඛත්වයෙන් තරග කරන ‘මායන්ස්’ කණ්ඩායමේ. මේක මට වෙනස්ම අත්දැකීමක්. ඉතින් මගේ පුළුවන් උපරිමය මේ කණ්ඩායම වෙනුවෙන් මම කරනවා. පසුගිය ටිකේ මට මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න බැරි වුණා. මොකද, මම අසනීප තත්ත්වයෙන් පසුවූ නිසා. දැන්නම් ටිකක් සුවය ලබලා තියෙන නිසා ඉදිරියේදී නැවතත් මේ රියැලිටි තරගයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.”


