බ‍්‍රැඞ්බි පළමු අදියර මේ සති අන්තයේ


අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ 8 වැනි සතියේ තරග අතුරින් ප‍්‍රධානතම තරගය ලෙස බ‍්‍රැඞ්බි කුසලාන තරගාවලියේ පළමු අදියරේ තරගය පල්ලෙකැළේ ති‍්‍රත්ව රග්බි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙම සති අන්තයේ තරග 5 ක් පැවැත්වෙන අතර අනෙක් තීරණාත්මක තරගය වන්නේ ධර්මරාජ පිල සහ ශාන්ත ජෝෂප් පිල අතර සී. ආර්. පිටියේදී පැවැත්වෙන තරගයයි.

මැයි 30 වැනිදා

  • ශාන්ත පීතර විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී

ජූනි 1 වැනිදා

  • රාජකීය විදුහල සහ ත‍්‍රිත්ව විදුහල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී (බ‍්‍රැඞ්බි පළිහ පළමු අදියර)
  • වෙස්ලි විදුහල සහ කිංග්ස්වුඞ් විදුහල අතර බෝගම්බර පිටියේදී (එල්. ඊ. බ්ලසේ කුසලාන)
  • කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර සී. ආර්. පිටියේදී

ජූනි 2 වැනිදා

  • කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර බෝගම්බර පිටියේදී

 

(●●)