(නිමල කොඩිතුවක්කු)
ඇතැම් පාර්ශව බෞද්ධාගමට සිදුකරන නිගරු කිරීම් බලය දිනාගැනීමට සිදුකරන කුමන්ත්‍රණයක කොටස් බව පෙනෙන්නට ඇතැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කොළඹදී පැවසූහ.
බෞද්ධාගම ප්‍රමුඛ අනකුත් ආගම්වලට අපහාස කර ඇතැයි සැකකරන සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව පුලුල් විනිවිධ පෙනෙන විමර්ශනයක් කර සත්‍ය හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ එසේ කීහ.

