බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන ප්‍රංශයෙන් පොතක්


යහපාලනය බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව රචිත ‘බුඩිස්ට් අඩියල්ස් ඔෆ් ගුඞ් ගවර්නන්ස් ‘  නැමැති ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 16 වැනිදා පස්වරු 4.00ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ජනගත කෙරේ.  

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ  ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමි සහ එම විශ්ව විද්‍යාලයේම  ඉන්දියානු දර්ශනය හා තුලනාත්මක දර්ශනය පිළිබඳ මහාචාර්ය ප්‍රංශුවා චෙනේ මහතා  විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

ලෝක රාජ්‍ය නායකයින්ට, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු තීරණ ගැනීමෙහිලා බෞද්ධ චින්තයෙන් ලැබෙන මඟ පෙන්වීම සඳහා මෙම ග්‍රන්ථය ලියූ බව ග්‍රන්ථයේ සම කර්තෘ, යුනෙස්කෝ මූලස්ථානයේ ආගමික කටයුතු අධ්‍යක්ෂ , ප්‍රංශයේ වැඩවෙසෙන ආචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ  පැවසූහ.

book-3d