බෝසත් පුතුට අජාසත් තර්ජනයක්


අවුරුදු 114ක් වයසැති තම මහලු පියාට උවටැන් නොකරන ලෙස පවුලේ සමීපතමයන් මරණීය තර්ජන කරන බවට වැඩිමහල් පුත්‍රයා ගලෙන්බිඳුණුවැව පොලිසියට පැමිණිලි කර ඇත.

ගලෙන්බිඳුණුවැව ව්‍යාපාරිකයකු වන කේ.පාලිත එඩ්වඩ් සමරසිංහ (56) මහතා මේ පැමිණිල්ල කර ඇත.

තම පියාට හොඳින් ශ්‍රවණය කිරීමටත් හොඳින් ඇස් පෙනෙන බවත් තවමත් තනිව වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතින බවත් ඔහු කියයි.