ආරච්චිකට්ටුව දෙමටපිටිය බෝම්බිවිල වැව මසුන් ඇල්ලිට බදු දිම නිසා කිරි වදිමින් තිබේන කුඹුරු අක්කර 100 කට ආසන්න ප්‍රමානයක් බේරා ගැනිමට දැදුරු ඔයෙන් ජලය පොම්ප කිරිමට සිදුව ඇතැයි ගොවියෝ කියති.
වැව බදු ගත් පුද්ගලයින් වැවේ ජලය සුළු ප්‍රමානයක් පමණක් තබා ඉතිරි සියලුම ජලය පොම්ප යොදා ගනිමින් ඉවත් කිරිම නිසා කිරි වදින ගොයම බේරා ගැනිමට දැවැන්ත උත්සහයක නිරත විමට සිදුව ඇති බව ද ගෝවිහු පවසති.
ගොවීන් චෝදනා කරන්නේ මෙම වසරේ දෙවරක්ම මසුන් ඇල්ලිමට වැව බදු දිම සිදුකළ බවත් එහිදි පලමු වර ජලය ඉවත් නොකලද මෙවර වැවේ ජලය ඉවත් කිරිම නිසා පවතින නියං තත්වය හමුවේ කුඹුරු බේරා ගැනිමට දැදුරු ඔයට මෝටර් යොදා දින 15 කට ආසන්න කාලයක් ජලය කුඹුරු වෙත ලබා ගැනිමට සිදුව ඇති බවයි.
මේ ගැන චෝදනා එල්ල වන්නේ දෙමටපිටිය ගොවි සංවිධානයේ ලේකම් වරයාටය. මේ ගැන කළ විමසීමක දී ඔහු මෙසේ කීවේය.
“ මසුන් අල්ලන්න වැව සෑම වසරකම බදු දෙනවා . මේ වසරේත් ඒ ආකාරයට බදු දිම කළා. මම තනතුරට එද්දි සමිතියේ කිසිදු මුදලක් තිබුණේ නෑ. අද වන විට ලක්ෂ තුනකට ආසන්න මුදලක් ගිණුමට බැර කර තිබේනනවා . වැව බදු දෙන විට ගොයම් වලට අවශ්‍ය ජලය දැදුරු ඔයෙන් ලබා දිමට අපි කතා කළා. නමුත් ගොවින් තනි තනිව ජලය කුඹුරුව දැදුරු ඔයෙන් පොම්ප කරපු නිසා එය නැවති ගියා . ‘‘
කිරි වදින ගොයම ගැන පවා නොසිතා වැවේ ජලය හිස් කිරිමට ඉඩ දුන්නේ ඇයි දැයි විමසු විට ලේකම් වරයා මෙසේ කීවේය.
‘‘වැවේ මාළු දිගින් දිගටම හොර රහසේ අල්ලන නිසයි වැව බදු දුන්නේ . මේ නිසා රුපියල් 56000 ක් ( පනස් හය දහසක් ) සමිතියට ලැබුණා. අනිදහක දැදුරු ඔයෙන් කුඹුරු වලට ජලය පොම්ප කිරිමටයි අදහස තිබුනේ අනික සියලුම නිළධාරින් දැනුවත් කරලයි එය කලේ ,,



