කැකිරාවේ වලව්වේගම දී මෙරට නිෂ්පාදනය කරන ලද ඩප්පි වර්ගයේ අත්බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ඔවුන් දෙදෙනා අත තිබූ බෝම්බය පුපුරා ඇතැයි අනාවරණය වූ බවයි. තුවාලකරුවන් කලාවැව රෝහලේ සිට අනුරාධපුර රෝහලට යවා ඇත.

