ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරඟයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පාසල් සිසුවකු වූ මාර්ටින් රිච්ඩ් (8) මරණයට දින කිපියකට පෙර විදුහලේදි දෛවෝපගත වක්‍යයක් ලිවීය. ලානිල් පැහැති කොලයක තදනිල් අකුරින් වචන හතරක් ඔහු ලියා එය තම ගුරුවරියට පෙන්වීය. මිනිසුන්ට තවත් හිංසා කරන්න එපා. යනුවෙන් ලියා එයට යටින් ඔහු තවත් වචනයක් ලිවීය සාමය යන වචනය ලියා එහි දෙපැත්තේ හදවත් දෙකක් සිතුවම් කළේය. එම ප්‍රහාරයෙන් මියගිය ලා බාලම පුද්ගලයා ඔහුය.