බෝපේ පෝද්දලත් අයවැය පරාදයි


බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2014 අයවැය යෝජනා අද වැඩි ඡන්ද එකකින් පරාජයට පත්විය. ඡන්දය විමසීමේ අවස්ථාවේ දී රහස් ඡන්දයක් පැවැත්විය යුතුයැයි විපක්ෂ නායක හුසේන් කියාස් මහතා කරන ලද යෝජනාව ජනතා විමුක්ති‍ පෙරමුණේ මන්ත්‍රී හර්ස ලියනගේ මහතා ස්ථිර කිරීම හේතුවෙන් සභාපති චානක මාදුගොඩ මහතා රහස් ඡන්දය විමසුවේය. අයවැයට පක්ෂව ඡන්ද පහක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව හයකි. අයවැයට දෙවැනිවර ඡන්දය විමසීම ලබන 17 දින පැවැත්වීමට නියමිතය.