බෝපේ පෝද්දල ගාලගෝට්ටි


බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම ගාලගෝට්ටියකින් අතරමග නතරවිය. විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ගිය සභා වාර්තාව වැරදියයි කියමින් එම වාර්තාව සභාව මැද ගිනි තැබූහ. ඊට ආණ්ඩුපක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයාගේ ද සහය ලැබිණි. සභාව කල්තැබිය යුතුයැයි අබේසේකර මහතා ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද දෙකකින් සම්මතවිමෙන් පසු සභාව කල් තැබිණි. වාර්තාවේ අඩුපාඩු නිලධාරීන් නිවැරදි කැර ඇති බැවින් මෙලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවත් මන්ත්‍රීවරු මාධ්‍ය ඉදිරියේ රඟපාන බවත් සභාපති චානක මාදුගොඩ මහතා සභාව කල්තැබීමට පෙර කීවේය.