බෝතලේට දුම්වැටියට එරෙහි සටන උඩුගං බලා යෑමක්


දානයකට, පරිත්‍යාගයකට හා මළ ගෙදරක අංගයක් වී ඇති මත්පැන් හා දුම්වැටි ශ්‍රී ලංකා සමාජය ගිලගෙන ඇති ආකාරය අනුව එම දුසිරිත් මර්දනය උඩුගං බලා පිහිනීමක් යැයි ශ්‍රී ලංකා අමධ්‍යප මහ සභාවේ සභාපති හා කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි කෝට්ටේ නාග විහාරයේදී පැවති කොළඹ දිස්ත්‍රික් විහාරස්ථාන නායක හිමිවරුනට අමධ්‍යප සභාවේ ගරු සමාජිකත්ය පිරිනැමීම උත්සවයේ දී පැවසූහ.

‘බණ ගෙදරක, පිරිත් ගෙදරක අද බණ අහන්න අය නෑ. ගෙදර පිටිපස්සේ බාර් ඇරලා. අලුතින් ගෙවදින ගෙදරකටත් ඉස්සෙල්ලාම ගේන්නේ බෝතලේ. මළ ගෙයක් අන්තිම වෙන්නෙත් බෝතලෙන්.

හැම පංසලකම අමධ්‍යප මත්පැණින්, දුම්වැටියෙන් හා මත් කුඩුවලින් බේරා ගත යුතුයි.‘