බෝතල් කඩේට දී ඇත්තේ රහසිගත ලියුම්


බොරැල්ල පොලිසිය බොරැල්ලේ බෝතල් පත්තර කඩයක තිබී සොයාගත් ජනාධිපති ලේකම් කාර්යාල ලියුම්වලින් වැඩි හරියක් පිටතට නොයා යුතු ලිපි ලේඛන යැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ධම්මික නවරත්න මහතා බොරැල්ල පොලිසියට පැවසීය.

පරීක්ෂණවලින් පසුව එම ලිපි ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

එම ලියවිලි රුපියල් 320කට විකුණා ඇතැයි පොලිසිය කියයි.