බෝට්ටු අනතුරෙන් මියගිය අයකුට ලක්ෂයක් බැගින් වන්දි


බේරුවල බෝට්ටු අනතුරින් මියගිය අයකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන්ම අනතුරින් තුවාල ලබා රෝහල්ගත වූ අයකු වෙනුවෙන් රුපියල් 20000 බැගින්ද වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවත් එම වන්දි ප්‍රදානය හෙට (22) සිට ආරම්භ කෙරෙන බවත් ඇමැතිවරයා කීවේය.