බෝගොල්ලාගමට රට යන්න අවසර


ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලෙස 2006 වසරේ දී ශ්‍රී ලංකා රජයට රුපියල් විසි එක් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු කළැයි කියන නඩුවෙන් චෝදනා ලබා සිටින හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමට එතෙර යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර දුන්නේය.

ඇමැතිවරයාට එතෙර ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා මාස හතරකට ඔහුගේ ගමන් බලපත්‍රය මුදා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ඉල්ලා සිටියේය.

වැඩිදුර විභාගය පෙබරවාරි 17 වැනි දා ට කල් තැබිණි.