බෝගල පතලේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් පසුගියදා මරණයට පත්වූ ප‍්‍රදීප් කුමාර නැමැති පතල් සේවකයාගේ බිරිඳට සහ දරුවන්ට කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ විසි හතරක වන්දි මුදලක් පිරිනැමිණි.
ඊට අමතරව ප්‍රදීප් මහතාගේ මාසික වැටුප ඔහුගේ විශ‍්‍රාම වයස එළැඹෙන තෙක් ඔහුගේ බිරිඳට ලබාදීමටත්, සේවය සඳහා ලබාදී තිබූ පතල් නිල නිවාසය විශ‍්‍රාම වයස එළැඹෙන තෙක්ම යැපෙන්නන් වෙත ලබාදීමටත් පතල් පාලනාධිකාරිය කටයුතු කර ඇති බව ද කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය පවසයි.
මියගිය සේවකයාගේ දරුවන් තිදෙනාට ශ‍්‍රම වාසනා අරමුදලේ අනුග‍්‍රහයෙන් පාසල් පොත් සහ පාසල් පාවහන් ඇතුළු පාසල් උපකරණ කට්ටල තුනක්ද, දරුවන් දෙදෙනෙකු වෙත රුපියල් 50,000 බැගින් වන ස්ථිර තැන්පතු දෙකක්ද අමාත්‍යවරයා අතින් මෙහිදී ප‍්‍රදානය කෙරිණි.

