( චමිල් රූපසිංහ)
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් තාවකාලිකව පවත්වාගෙන යන බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 363 දෙනෙකු මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ.
මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී තිබෙන බවට පි සි ආර් පරික්ෂන මගින් අද (06) තහවුරු වීමත් සමඟ 363 දක්වා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිත රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
බන්ධනාගරයේ ප්‍රධාන ජේලර්වරයාටද පසුගිය සති අන්තයේ කොවිඩ් වෛරසය අසාදනය වී තිබෙන බව අනාවරණය වූ අතර ඔහු ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් රෝහලට යොමුකර ඇත.

