
(අංජුල මහික වීරරත්න)
මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම, මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය සඳහා 2021-2030 කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි සකස් කරනු ලැබ ඇති මහනුවර මහ නගර සභා බලප්‍රදේශ සංවර්ධන සැලැස්මේ උපයෝගිතා සේවා කලාපය තුළ පිහිටා තිබේ.
ලෝක උරුම ගොඩනැගිලි සංරක්ෂණය යටතේ බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සහ බන්ධනාගාර ගොඩනැගිලි හඳුනාගෙන ඇති අතර, එම පරිශ්‍රයන්හි සංස්කෘතික භා සංචාරක ප්‍රවර්ධන කාර්යයන් සිදු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුමට අනුකූලව මූල්‍ය, පාරිසරික හා සාමාජීය වශයෙන් විභවතාවක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ඉඩම අවුරුදු 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

