පිළියන්දල බෝකුන්දරදී පසුගිය 18 වැනිදා සොයාගත් රේසින් කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 800ක් පමණක් වන බවත් ලියාපදිංචි නොකළ එම වාහනයට සවිකළ අංක තහඩුව ජනාධිති වාහන සංචිතයේ වාහනයක බව පොලිසිය පවසන බවත් බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගේ මහතා කියයි.
ලියාපදිංචි නොකළ වාහනයකට අංකයක් යෙදිය නොහැකි අතර වෙනත් වාහනයක අංකයක් දී ධාවනයට යොදා ගැනීම බරපතල වරදක් බවත් පොලිසිය කියයි.
හිටපු ජනාධිපතිගේ වාහන සංචිතයේ බෙන්ස් රියක අංකයක් ඊට ලැබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බව පාදුක්ක මහතා පවසයි.
එම වාහනය මහේස්ත්‍රාත් නියමයෙන් අධිකරණ භාරයට ගෙන ඇත.

