(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම විරුතෝඩේ ගම්මානයෙ ජලය බැස යන ප්‍රධාන කානු පද්ධතියක් හා බෝක්කුවක් වසා දැමිමේන් තම නිවාස මාස දෙකකට ආසන්න කාලයක් ජලයෙන් යටවි ඇති බව එම ජනතාව චෝදනා කරතී.
විරුතෝඩේ ගම්මානයෙ පවුල් 25 කට වැඩි සංඛ්‍යාවක් පදිංචි පිරිස් මහත් අසිරුවට පත්ව ඇති අතර ඔවුන් පවසන්නේ ප්‍රදේශයෙ ග්‍රාම නිළධාරී වරයා ඇතුළු අනිකුත් සියලුම බළධාරීන්ට දැනුම් දී තිබුණත් මේ සදහා කිසිදු විසදුමක් ලබා දී නොමැති බවය.
නිවෙස් හිමියන් පවසන්නේ විරුතෝඩේ ප්‍රධාන මාර්ගයෙ අදාල ව්‍යාපාරිකයකු විසින් එම කානු පද්ධතිය හා ජලය බැස යාමට තිබු බෝක්කුවක් වසා දැමිමත් සමග වැසි දිනවලට ගලා එන ජලය තම නිවාස වෙත ගලා ඒමෙන් මෙම තත්වය මතුව ඇති බවයි.
එසේ ගලා එන ජලය බැස යාමේ නිසි ක්‍රම වේදයක් නොමැති විමෙන් මෙලෙස තම නිවාස ජලයෙන් යටවිම හේතුවෙන් පත්ව ඇත්තේ කියා ගත නොහැකි අසිරුතාවයකට බව ඔවුන් පවසයි.